රජය මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත මුදල් කපා නෑ - රාජ්‍ය අමාත්‍ය සේමසිංහ

ජන 07, 2020

    රජය විසින් මන්ත්‍රීවරුන්ට පිරිනමන විමධ්‍යගත මුදල් ලබාදීම නවත්වා නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (7) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ට හිමිවන විමධ්‍යගත රමුදල් කපා දමා ඇති බව කියමින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කළේ ය.

    රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.......

    "රජය විසින් විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නෑ. රටේ මුල්‍ය නීතිය යටතේ වෙන් කළ මුදල් ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. චක්‍රලේඛනවලට අනුකූලව ඒ මුදල් ඒ ආකාර්යෙන්ම සිදු වෙනවා" යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 19:39

    Latest News