සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයන්ට මිලියන 300 දක්වා ණය ආධාර; ෂෙහාන් සේමසිංහ (වීඩියෝ)

ජන 11, 2020
  • ජාතික ආර්ථිකයට දායකත්වය ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාදෙන බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    විශ්වාසය තහවුරු කරමින් රටේ ආර්ථිකය නැංවීමට සහය දෙන ව්‍යාපාරිකයින්ට මෙම වරප්‍රසාදය හිමිවන අතර එය වසර 05කින් ගෙවී යන ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කෙරෙන බව, අනුරාධපුරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේනසිංහ මහතා....

    “ආර්ථිකයට තමන්ගේ ව්‍යාපාරය හරහා දායකත්වය දක්වන කණ්ඩායම්වලට නිවැරදි, විශ්වාසනීය භාවයක් තහවුරු කරන්න පුලුවන් වාර්තාවක් ලබාදීම හරහා අපි රජයක් හැටියට සූදානම් තවත් මිලියන 300ක් දක්වා අවුරුදු පහකින් ගෙවී යන ආකාරයට ඔවුන්ට ණය මුදලක් ලබාදීලා ඔවුන්ගේ දායකත්වය ආර්ථිකයට ලබාගන්න. ඒ අනුව 2020 දෙසැම්බර් 31 දක්වා ප්‍රාග්ධනය නොගෙවා මුලික එකඟතාවයන්වලට ආපු පොලී අනුපාතය පමණක් පවත්වාගෙන යන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව කිසියම් දඩ පොලී අයකිරීමක් සිදු කළා නම් ඒ සියල්ල කපා හැරලා සාමාන්‍ය එකඟතාවයට ආපු පොලී අනුපාතය මත ඔවුන්ගේ ණය ගෙවීමේ පහසුකම ඔවුන්ට ලැබෙනවා. කාලය දීර්ඝ කරගැනීමට ලබාදීපු සහනය හරහා තමන්ට ලැබෙන මුදල් නැවත ව්‍යාපාර කටයුතුවලට යොදවලා ඒ ව්‍යාපාර කටයුතු ශක්තිමත් කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා මාස තුනක කාරක ප්‍රාග්ධනයක් මාස හයකින් ගෙවීමට යන ආකාරයට ලබාදෙන්න අපි රජය හැටියට කටයුතු කරනවා. මේ රජය ලබාදෙන සහනය ඔවුන්ට කාරක ප්‍රාග්ධනය ලබාගැනිමට ලබාදෙන සහනය, ඒ වගේම තවත් තමන්ගේ ව්‍යාපාරය පුළුල්ව පවත්වාගෙන යන්න ලබාදෙන සහනය සැබැවින්ම ඒ ව්‍යාපාර කටයුතු සඳහා පමණක්ම භාවිතා කරන්න කියලා රජයක් හැටියට මහ බැංකුව හැටියට අපි යොදලා තියෙන එකම කොන්දේසිය“ යැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:07

    Latest News