රංජන් අද අධිකරණයට

ජන 05, 2020

    බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

    පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 08:37

    Latest News