මීගමුව අවට පැය 24ක ජල කප්පාදුවක්

ජන 05, 2020

    මීගමුව මහ නගර සභා බල ප‍්‍රදේශයට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට හෙට (06) උදෑසන 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම සදහා සිදු කෙරෙන නවීකරණයක් මීට හේතුවයි.  කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසියාවත්ත සහ පමුණුගම ජල සැපයුම් අත්හිටුවෙන තවත් ප‍්‍රදේශ කිහිපයක්. කටාන බලප‍්‍රදේශයේ කොටසක, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට, කටුනායක ගුවන් හමුදා කදවුරට හා කටුනායක ගුවන් තොටුපොල පරිශ‍්‍රයටද එදින ජල සැපයුම අත්හිටවනු ඇති.

    අපහසුතා මගහරවා ගැනීම සදහා ජලය කල් ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 08:40

    Latest News