නයිජිරියා අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකිකයින් තහවුරු කරගැනීම තවදුරටත්

ජන 04, 2020

    නයිජිරියානු අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු නිල මට්ටමින් තහවුරු කිරීම තවදුරටත් සිදු කෙරෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

    මේ සම්බන්ධයෙන් නයිජිරියානු රජය සමඟ කටයුතු කරන බව අබුජා නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු තවත් අප්‍රිකානු ජාතිකයන් 59 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව නයිජීරියානු පොලිසිය ඊයේ එරට මාධ්‍ය වෙත දැනුම් දී තිබේ. නීති විරෝධි තෙල් ගනුදෙණුවල යෙදීම මේ පිරිසට එරෙහි චෝදනාව බව නයිජීරියානු පොලිස් නිවේදනයේ දැක්වේ. නයිජීරියාවට අයත් බොර තෙල් රහසිගතව රටින් පිටමං කිරීමට සම්බන්ධ වූ නැව් 7ක් දෙසැම්බර් මාසය තුල නයිජීරියානු නාවික හමුදාව බාරයට ගෙන තිබේ. ශ්‍රී ලාංකිකයන් 7 දෙනා ඉන් එක් නෞකාවක කාර්ය මණ්ඩලය බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම පිරිස දැනට ලාගෝස් නුවර කිර්කිර් නම් ස්ථානයේ රඳවා සිටින බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කළ විමසුමකදී හෙළි වී තිබේ. එම පිරිස සම්බන්ධයෙන් ගත යුතු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙමින් පවතින බව විදේශ අමාත්‍යාංශය අප කළ විමසුමකදී කියා සිටී.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:49

    Latest News