Update: Y12 ගැන ගුවන් හමුදාව පරික්ෂණ අරඹයි (video)

ජන 03, 2020
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චල් රාජපක්ෂ මහතා පවසයි.

    අද (3) පාර්ලිමේන්තුවේ දී මෙම අනතුර සම්බන්ධයෙන් අවධානයට ලක් වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    ගුවන් හමුදාව මේ වන විට අනතුර සිදු වූ ස්ථානය අසලට තම කණ්ඩායම් යොමු කොට වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    වීරවිල ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවුණු Y12 වර්ගයේ ගුවන් යානය තම්බිපීල්ල මාවත, අයිස්පීල්ල ප්‍රදේශයේදී අද උදෑසන 9.15 ට පමණ අණතුරට ලක්වන විට ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිට ඇත.

    යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙකු මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් විය. අනතුර සිදුවූ ස්ථානය අසල සිටි කාන්තාවක්ද තුවාල ලබා හපුතලේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.

     

    ගුවන් හමුදාවේ Y12 යානයක් කඩාවැටි 4 ක් ජීවිතක්ෂයට (09:56)

    විරවිල ගුවන් හමුදා කදවුරේ සිට ගුවන් ගත වු ගුවන් හමුදාවට අයත් වයි 12 ගුවන් යානයක් තම්බපිල්ලේ වතුයාය ප්‍රදේශයේදි අද (03) උදැසන 9 ට පමණ කඩා වැටි තිබේ.

    අනතුරට පත් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා සහ තවත් ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හපුතලේ පොලිසිය පැවසිය. කඩා වැටුණු වයි 12 ගුවන් යානය ගිනි ගැනිමෙන් අනතුරුව එය නිවා දැමිමට එම වතු යායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරතවි ඇත.

    ගුවන් අනතුරෙන් ජිවිතක්ෂයට පත් ගුවන් නියමුවන් දෙදෙනාගේ සහ තවත් ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙකුගේ සිරුර මේ වන විට හපුතලේ මුලික රෝහලේ තැන්පත් කර ඇති බව හපුතලේ පොලිසිය පැවසිය.

    ගුවන් අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාව සහ හපුතලේ පොලිසිය වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

    planecrash px 900 20 01 03

    planecrash1 px 900 20 01 03

    හෙලිකොප්ටර් යානයක් අනතුරට (පෙ.ව.9.56)

    හපුතලේදී හෙලිකොප්ටර් යානයක් අනතුරකට ලක්වේ. අනතුර සිදුව ඇත්තේ, හපුතලේ - තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී බව වාර්තා වේ. හපුතලේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 19:30

    Latest News