2020 පළමු වාරයේ පාසල් හෙට ආරම්භ වේ

ජන 01, 2020

    සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2020 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා (හෙට) ආරම්භ වේ.

    2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 84න් පහත සඳහන් පාසල් 47 ක් පමණක් සම්පූර්ණයෙන් වසා 2019.12.26 සිට 2020.01.04 දක්වා ඇගයීම් කටයුතු සිදුකර පළමු පාසල් වාරය සඳහා 2020.01.06 සඳුදා දින විවෘත කරනු ලැබේ.

    school-01.jpg

    පහත සඳහන් අනෙකුත් පාසල් 37 හි කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙම පාසල්, පළමු පාසල් වාරය සඳහා 2020 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා විවෘත කරනු ලැබේ.

    school-02.jpg

     

    Latest News