බත් මුට්ටිය ඇඟට වැටී කුඩා දැරියක් මරුට

ජන 01, 2020

    යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයේ නිවසකදී බත් මුට්ටියේ ඇති කැඳ වතුර සිරුරට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

    ලිප මත තිබූ උණු ජලය සහිත බදුනක් මෙලෙස අදාළ දැරියගේ ශරීරය මතට වැටී තිබේ. බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ දැරිය යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දැරියකි. මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 12:15

    Latest News