සොරකම් කළ පුතු බේර ගැනිමට අල්ලස් දුන් පියා මාට්ටු

ජන 01, 2020

    රුපියල් ලක්ෂ පහමාරක් අකුරැස්ස පොලි‍සියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ලබා දෙමින් සිටි පුද්ග‍ලයෙකු අකුරැස්ස පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ. 

    රුපියල් ලක්ෂ 12 ක් සොරකම් කළ සැකකරු අකුරුස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහුව බේරා ගැනීමට ලක්ෂ පහමාරක මුදලක් අපරාධ අංශයෙන් ස්ථානාධිපතිවරයාට ඔහුගේ පියා විසින් ලබා දීමට සුදාම්ව සිටි බව අකුරැස්ස පොලිසිය පවසයි. ඒ අනුව එම මුදල් ලබාදෙන අවස්ථාවේ දීම අත්අඩංගුවට ගැනිමට සිදුව ඇත.

    සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම් දිමෙන් අනතුරුව අද (01) මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුටත් පරික්ෂණ සිදු කරයි.

    Latest News