වරකාපොළ අනතුරකින් සිව් දෙනෙක් මරුට

දෙසැ 31, 2019

    කොළඹ - නුවර මාර්ගයේ වරකපොළ,දුම්මලදෙනිය ප්‍රදේශයේ දී අද උදෑසන ට්‍රක් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබේ. අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ සිව් දෙනාම මිය ගොස් ඇත. ඔවුන් හමුදා සාමාජිකයින් බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 07:22

    Latest News