ශ්‍රීලනිප සභාපති ධූරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කළ අභියාචයකට ලබන 27 දා කරුණු දැක්වන්නැයි පා.ම. අනුර යාපාට නොතීසි නිකුත් කරයි.

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහ්රාන් හෂීම් ගැන වාර්තා 97 ක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය වෙයි.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලීම ආරම්භ කෙරිණ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.

රුපියල් මිලියන 53 ක් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුව ඔක්තෝබර් 4 වනදා යළි කැඳවන ලෙස නියෝග කෙරේ.

හිටපු දුම්රිය සාමාන්‍යධිකාරි වරයකු වන පී. පී. විජේසේකර සහ හිටපු දුම්රිය වාණිජ අධිකාරිවරයකු වූ විජය සමරසිංහ යන මහත්වරුන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(29) නියෝග කර තිබේ.

එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමට අදාළ නඩුවේ තුන්වන විත්තිකරු පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ඔහු විසින් ස්වෙච්ඡාවෙන්ම ලබාදී ඇති එකක් යැයි කොළඹ මහාධිකරණය අද(29) තීන්දු කර තිබේ.

කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතා රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගැනිමේ නඩුවේ විභාගය ඔක්තෝබර් 10 වනදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රි ලංකන් කේටරින් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමේ ජනපති කොමිසම් වාර්තාව නීතිපතිට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News