නීති විරෝධිව Gsm ජංගම දුරකථන ජාලයක් සම්බන්ධයෙන් විමර්ශනයක්

ඔක් 10, 2019

    කොළඹ කොටුව ජනාධිපති මාවතේ නීතිවිරෝධිව පවත්වා ගෙන ගිය Gsm ජංගම දුරකථන ජාලයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිණි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

    විමර්ශනයට අදාළව ආයතනයේ තිබී අත්අඩංගුවට ගත් ඩීජිටල් උපාංගයන් ඇතුලු ජංගම දුරකතන 07ක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම රහසිගත Gsm දුරකථන ජාලය මෙම දුරකතන සමග සම්බන්ධ වි තිබේද යන්න පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. මෙම දුරකථන ජාලය පවත්වා ගෙන යෑම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත්ද යන්න සහ මේ මගින් සිදු කර ඇත්තේ කුමන ක්‍රියාවක් දැයි විමර්ශන සිදු කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

    එමෙන්ම මෙම දුරකථන ජාලය අනවසර ක්‍රියාවන් වලට සම්බන්ධ වී තිබේද යන්න සොයා බලන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර මෙම ආයතනය විදේශීය රටවල් සදහා සේවය ලබා දෙන ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත් සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර ඇති බවත් කියා සිටියා. එංගලන්තයේ ආයතනයකට මෘදුකාංග සකස් කිරීම සඳහා සම්බන්ධ වී ඇති බවත් ආයතනයේ ව්‍යාපෘති භාර නිලධාරීවරයා ඇතුලු ඉංජිනේරුවන් පස් දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News