කොළඹ කොටුව ජනාධිපති මාවතේ නීතිවිරෝධිව පවත්වා ගෙන ගිය Gsm ජංගම දුරකථන ජාලයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිණි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානී ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුලු සැකකරුවන් හයදෙනා 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර තිබේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනිණි.

බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැමීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කිසිම සබඳතාවක් නොමැති බවත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙසට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.මරික්කාර්, මනුෂ නානායක්කාර මහත්වරුන් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලූ රීට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

දුම්වැටි විකිණීම තහනම් වයස් කාණ්ඩය වන අවුරුදු 21 අඩු අයකුට දුම්වැටි අලෙවි කළ කොල්ලුපිටිය වෙළෙදසැලක  කළමණාකාරවරයකුට රුපියල් 2000 දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ පෙත්සමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදු කළ බවට සැක කෙරෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර රහස් පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දිවයිනේ පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන 80 කට නියෝග කළේය.

Latest News