ක්‍රිකට් නඩුවේ අලුත්ම තීන්දුව

නොවැ 24, 2023
    ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.

     

    සෝභිත රාජකරුණා සහ ඩී. එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
     
     එහිදී ක්රීඩා අමාත්යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා අද දින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.
     
     
    ඉන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සදුදා තෙක් කල් දැමුණා.
     
     
    ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
    Last modified on සිකුරාදා, 24 නොවැම්බර් 2023 12:15

    Latest News