ලොව වයස්ගතම රයිනෝත් මියයයි

දෙසැ 30, 2019

    ලොව වයස්ගතම රයිනෝ සත්වයා මියගොස් තිබේ. ෆවුස්ටා නමැති මෙම සත්වයා මියයන විට වයස අවුරුදු 57ක්.

    ලොව වයස්ගත කළු රයිනෝ සත්වයා ලෙස ෆවුස්ටා සැලකෙයි. මෙම සත්වයා මියගොස් ඇත්තේ ටැන්සානියාවේදී. නැගෙනහිර කළු රයිනෝ ලෙස සැලකෙන ෆවුස්ටා ප්‍රථම වරට වර්ෂ 1965 දී එන්ගෝරොන්ගෝ ප්‍රදේශයේ දී දැක ගැනීමට හැකිවී තිබේ.

    වයස අවුරුදු 54කට වැඩි කාලයක් අදාළ ප්‍රදේශයේ මෙම සත්වයා සැරි සැරූ නමුත්, වියපත් වියේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අභය භූමියක විශේෂ ප්‍රතිකාර ලබාගනිමින් අවසන් වසර කිහිපයක ගත කළේය. රයිනෝ සත්වයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 37ක් 43ක් පමණ වන අතර, ඉතා කලාතුරකින් අවුරුදු 50ක් පමණ රයිනෝ සත්වයෙක් ආයු වළඳන බවයි, විද්‍යාඥයින් පවසන්නේ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 10:41

    Latest News