බෝවතැන්න ජලාශයත් කසළ ගොඩක් වෙයි

අගෝ 30, 2019

    නාඋල, නාලන්ද බෝවතැන්න ජලාශයේ ඉස්මත්ත මාතලේ නගරයෙන් ඉවතලන කුණු කසළ වලින් පිරී ඉතිරී යාම නිසා පරිසර ගැටලු රැසක් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    නිවෙස්වලින් හා රෝහල්වලින් ඉවතලන කුණු කසල සුදු ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයට පැමිණ ජලාශයේ ඉසමත්තේ අක්කර 50ක පමණ භූමියක තැන්පත් වී තිබේ. එම නිසා ජලාශය පරිහරණය කිරීමට නොහැකි තත්වයක් මතුව තිබේ. බෝවතැන්න ජලාශය හරහා හිස් බෝතල්, ප්ලාස්ටික් කැබලි සහිත කැලිකසළ අඹන් ගඟට මුදාහැර අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ජලය ගලා බසින බව ප්‍රදේශවාසීන් පවසයි.

    මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකොට බෝවතැන්න ජලාශයේ ඉස්මත්ත පරිසර කලාපයක් බවට නම් කොට මෙම කුණු කසල ඉවත් කොට ජනතාවට ජලය පරිහරණය කිරීමට හැකි වාතාවරණයක් උදා කර දෙන්නැයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 11:10

    Latest News