ආසියාවේ වඩාත්ම දැකුම්කළු නගර 13 අතරට ගාල්ල නගරයත්

අගෝ 31, 2019

    ආසියාවේ වඩාත්ම දැකුම්කළු නගර 13 අතරට ගාල්ල නගරය ඇතුළත්ව තිබේ.

    “සී.එන්.එන්. ට්‍රැවල්“ අන්තර්ජාතික සඟරාව මෙම වර්ගීකරණය සිදුකර ඇත්තේ, එම නගර සතු ඓතිහාසික හා චිත්තාකර්ෂණීය බව ප්‍රෞඪත්වය යන කරුණු සැලකිල්ලට ගනිමින්. “සී.එන්.එන්. ට්‍රැවල්“ සඟරාව වාර්ෂිකව සිදුකරන වර්ගීකරණයේ දී මෙවර ආසියාවේ වඩාත්ම ආකර්ෂණීය නගර අතරින් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ වියට්නාමයේ “යෝයි ඇන්“ නගරයයි. ජපානයේ “යුෆුයින්“ මැලේසියාවේ “ජෝර්ජ් ටවුන්“ නේපාලයේ “ගන්ඩෘක්“ සහ තායිලන්තයේ “පුකෙට්“ ද එම නගර 13ට ඇතුළත්. යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාල්ල නගරයට අයත් බොහෝ ඓතිහාසික ස්ථාන නිර්මාණය කර ඇත්තේ, පෘතුගීසි පාලන කාලය තුළයි. ලන්දේසින් මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ 18 වැනි සියවසේ දී ගාල්ලට ආවේණික නාගරික ලක්‍ෂණ රැසක් ගොඩනැගී තිබේ. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ද ලොව වඩාත්ම සුන්දර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් එකක්. බටහිර පාලන සමයේ දී ගොඩනැඟුණු විශාලතම බලකොටුවක් ලෙසයි ගාලු කොටුව සැලකෙන්නේ.

    Latest News