සිසුවියන් කාණුවකින් හමුවු මුදල් පසුම්බියට කළදේ

නොවැ 08, 2018

    කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාරදිම සදහා හැටන් පොලිසියට බාරදී තිබිණ.

    හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මොහාමඩ් නවුෂාඩ් හම්නා සහ එ.එස් පවිත්‍රා යන සිසුවියන් දෙදෙනා ඊයේ දින පාසල නිම වි නිවස කරා යමින් සිටියදි පාසල අසල කාණුවක වැටි තිබු මුදල් පසුම්බියක් අහුලාගෙන ඇත.

    පරික්ෂා කිරිමේදි එය තුල මුදලින් රුපියල් නවදාහසක් සහ රුපියල් පහලොස්දහසක් පමණ වටින ජංගම දුරකථනයක් තිබෙන බවට තහවුරු විමෙන් පසු එම සිසුවියන් දෙදෙනා එම මුදල් පසුම්බිය හැටන් පොලිසියට භාරදිමට කටයුතු කෙරිණ.

    හැටන් විල්ෂ්‍රඩ්පුර පදිංචි සුසාන්ති රෝහාන් මහත්මිය ඉකුත් මස 27 තම දියණිය රැගෙන යාමට පැමිණි අවස්තාවේ තමා සන්තකයේ තිබු මුදල් පසුම්බිය නැති වු බවට හැටන් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් කර තිබිණ. එ අනුව මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනිමට හැකි වු බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම්.ජෙමිල් මහතා පැවසිය. එම පාසලේ නියෝජ්‍යය විදුහල්පතිනිය වන ලොගේස්වරි ධනපාලන් මහත්මිය සහ එම පාසල් සිසුවියන් දෙදෙනා අද හැටන් පොලිසියට කැදවා ඔවුන් ඉදිරියේදි මුදල් පසුම්බිය අයිතිකාරිනියට ලබාදිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කලේය.

    පාසල් සිසුවියන් වශයෙන් තමන්ට අයිති නොවන මුදල් පසුම්බියක් අයිතිකරු සොයා භාර දිමට සිදුකල උදාර ක්‍රියාවට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා එම සිසුවියන් දෙදෙනාට සිය ස්තුතිය පල කරමින් එම සිසුවියන් දෙදෙනාට තැගි පර්සල් ලබාදිමට කටයුතු කලහ.

    1 6

    Last modified on බ්‍රහස්පතින්දා, 08 නොවැම්බර් 2018 14:55

    Latest News