ඉපැරණිතම සත්ව රූප ලෙන හමුවෙයි

නොවැ 08, 2018

    ලොව ඉපැරණිතම සත්ව රූප සහිත ලෙන් සිතුවම් ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් විය. මේ රූප අවම ලෙස අවුරුදු 40,000ක් පමණ පැරණි බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපත්හි නැගෙනහිර කලිමන්නන් ප්‍රාන්තයේ හුණු ගල් ගුහාවක තිබී මෙම සිතුවම් සොයා ගැනිණ. මෙම ලෙන් පරිශ්‍රය අධ්‍යයනය කිරීමට පටන් ගෙන තිබෙන්නේ, 1994 දී බවයි, මෙම චිත්‍ර සොයාගත් විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    ප්‍රංශ ගවේෂකයෙකු වූ ලූක් හේන්රි ෆේජ් එම ගුහාව මුල්වරට සොයා ගනු ලැබීය.

    මෙම ගුහාවන් තුළින් සොයා ගැනුණු රූප කාල නිර්ණය කොට ඇතැයි, ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවියේ පුරාවිද්‍යාඥයෙකු වූ මැක්සිම් ඔබර්ට් පවසයි.

    එමගින්, මෙම ලෙන් චිත්‍ර ලොව පැරණිතම චිත්‍ර බටව තහවුරු වී තැබෙන බවයි, ඔහු පවසන්නේ.

    Latest News