නිවුන් ස‍ොයුරන්ට පියවරු දෙදෙනෙක්

මාර් 28, 2019

    චීන ජාතික කාන්තාවක් වෙනස් DNA ඇති නිවුන් දරුවන් 02කු බිහි කර තිබේ.

    මෙය පුදුමය එලවන කාරණයක් වුවත් වෛද්‍ය විද්‍යාත්මකව ඉතා දුර්ලබ මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ ගිනිකොන දිග ක්සිඈමෙන් නගරයෙනි.

    මෙම අර්බුදය අනාවරණය වී ඇත්තේ පසු ගිය වසරේ මෙම නිවුන් දරුවන් ලියාපදිංචි කිරීමට නගරයේ පොලිස් ස්ථානයට ගිය විටයි. උපත් ලියාපදිංචිය සිදු කිරීමට එරට නීතියට අනුව දෙමාපියන් පිළිබඳ DNA පරීක්ෂණයකින් ඔප්පු කළ යුතුවිම ප්‍රධාන සාධකයවේ.

    baby 2

    මේ ආකාරයට පියවරු දෙදෙනෙකුගෙන් නිවුන් දරුවන් ඉපදීම ඉතා දුර්ලභ සිදුවීමක් වේ. (Heteropaternal Superfecundation ලෙස වෛද්‍ය විද්‍යාත්මක හඳුන්වයි) විශේෂඥයින් පවසන ආකාරයට මේ ආකාරයේ පිළිසිඳ ගැනීම්වල සම්භාවිතාව ගණනය කිරීමට ඉතා අපහසු නමුත් පසුගිය දත්ත මත 13000ට 1ක සම්භාවිතාවක් ඇති ඉතා දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ.

    baby 1

    ක්සිඅඔලොන්ග් (Xiaolong) නම් එම පුරුෂයා DNA වාර්තාව ලැබීමෙන් පසු විමතියට පත්වූ බව මෙම පරීක්ෂණය සිදු කළ ෆුජිඈන් ස්යැන්ග්ටායි හඳුනාගැනීමේ අධිකරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ (Fujian Zhengtai Forensic Identification Centre) අධක්ෂක තුමිය පවසයි.

    නිවුන් දරුවන්ගෙන් එක් අයෙක් තමන් ගේ පෙනුමට සමාන නොවූ බව සැමියාට සැක සිතී තිබේ. නමුත් ජීවවිද්‍යාත්මක පියා තමන් නොවන බව කිසිවිටක විශ්වාස නොකළ බව ඔහු පවසයි.

    baby 4

    හාස්‍ය ජනක කාරණය නම් චෝදනාව එල්ලවූ මුල් අවස්ථාවේ මෙම සිදුවීම ප්‍රතික්ෂේප කළ එම කාන්තාව තම ස්වාමියාට චෝදනා කර ඇත්තේ බොරු වරදකට තමාව පැටලීමට උත්සහ කරන බවටයි. DNA වාර්තාව පැමිණි පසු ඒ පිළිබඳ ඇයගෙන් විමසීමේදී ඇය අවසානයේ සත්‍ය පැවසීමට සිදුවී ඇති අතර ඇය එක් දින අනියම් ඇසුරක් සිදු කළ බවට පිළිගෙන ඇත.

     baby 3

    මෙම ඉතා විරළ පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ ඩිම්බ එකකට වැඩි ප්‍රමාණයක් එකම ඔසප් චක්‍රයකදී පිටවීමක දී බව වෛද්‍යවරු පවසති. එය පූසන් බල්ලන් සහ එළදෙනුන්ගේ බහුලව සිදුවන අතර මනුෂ්‍යයන්ගේ සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. එවැනි ඩිම්බ පිටවීමක් සංශේසනය වීමට දින කීපයක් තුළ පුරුෂන් දෙදෙනෙකු සමග ලිංගිකව එක් විය යුතු බව වෛද්‍යවරු වැඩිදුරටත් ප්‍රකාශ කරති. මීට පෙරද මෙවැනි ආකාරයේ දරු උපත් වාර්තා වී තිබේ. වෙනස් සමේ වර්ණය සහිත දරුවන් බිහිවීමෙන් 1982 දීත් මෙවැනි ම ආකාරයේ සිදුවීමක් වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 18:39

    Latest News