ශ්‍රී ලංකාවේ උපන් මනුරි ආසියාවේ විශිෂ්ටයන් අතරට

අප්‍රේ 05, 2019

    ශ්‍රී ලංකාවේ උපන් මනුරි ගුණවර්ධන ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාර සඟරාවක් වන ෆොබස් සඟරාවේ (Forbes) "ආසියාවේ 30ට පහළ 30" (‘30 Under 30 Asia') ලයිස්තුවට තේරී ඇත.

    එසේම ඇය එම ලයිස්තුවේ සෞඛ්‍ය සේවා හා විද්‍යා වර්ගීකරණය යටතේ විශිෂ්ඨත්වලාභිනියක් ලෙස ද නම් කර ඇත. ඇය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා තාක්ෂණය සම්බන්ධ ව්‍යවසායකාවකි. 

    Manuri 02

    ඕස්ට්‍රේලියාව තුළ දහස් ගණනක් නව වෛද්‍ය ක්‍රම සම්බන්ධ පරීක්ෂන සිදු කරයි. ඒ සඳහා ඕස්ටේලියාව සහ නවසීලන්තයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රෝගීන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කර ගැනීම සිදුවේ. ඇගේ සිඩ්නි නුවර පිහිටි මධ්‍යස්ථාන මගින් නව යෙදවුමක (App) ආදාරයෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමති මෙම ලියාපදිංචි රෝගීන් තෝරා දීම සිදු කරනු ලබයි.

    Manuri 01

    මනුරි මෙම අදහස පළමුව පහළ වී ඇත්තේ ඇය නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂාවක් ලෙස කටයුතු කළ අවධියේදීයි. ඒ අනුව මෙම අන්තර්ජාල සේවාව එළිදැක්වීමට ඇය කටයුතු කර ඇත.

    ෆොබ්ස් සඟරාවේ මෙම ලයිස්තුව ආසියානු කලාපයේ වයස අවුරුදු 30ට අඩු තරුණ විශිෂ්ඨ නව නිපැයුම් කරුවන් සහ ව්‍යවසායකයින් 300ක් තේරීම සිදු කරයි. ඒ තුළට වර්ගීකරනයන් 10ක් යටතේ සම්මානීයන් 30 දෙනෙක් තෝරාගනියි. මනුරි එම සම්මානනීයන්ගෙන් එක් අයෙකු වීමද විශේෂත්වයකි.

    මේ එම ක්ෂේත්‍ර 10යි

    1 කලා, ශෛලීය හා ආහාර-පාන,
    2 විනෝදාස්වාදය හා ක්‍රීඩා,
    3 මූල්‍ය හා ව්‍යාපාර ප්‍රාග්ධනය,
    4 මාධ්‍ය, අලෙවිකරණය හා ප්‍රචාරණය,
    5 වෙළඳ හා අන්තර්ජාල වෙළඳාම,
    6 ව්‍යාපාර තාක්ෂණය,
    7 කර්මාන්ත, නිෂ්පාදනය හා බලශක්තිය,
    8 සෞඛ්‍ය සේවා හා විද්‍යා,
    9 සමාජ ව්‍යවසාය,
    10 පාරිභෝගික තාක්ෂණය.

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 15:07

    Latest News