මරණයෙන් මිදෙන්න කැබිනට් අනුමැතිය

නොවැ 22, 2023
    ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය සමග ගිවිසුමකට එළඹීමට ඊශ්රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    ඊශ්රායල් අගමැති කාර්යාලය සඳහන් කරන්නේ, දින 4 ක සටන් විරාමයක් මගින් ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි.

    ප්රථමයෙන් කාන්තා සහ ළමා ප්රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
    දින 4 ක සටන් විරාමයක් සඳහා කටාර් රජ්ය මැදහත් වී ඇති අතර, සෑම අමතර ප්රාණ ඇපකරුවන් දසදෙනෙකු මුදා හැරීමෙන් පසු, එක් අමතර දිනයක් සටන් විරාමයක් ලෙස දීර්ඝ කරන බව ඊශ්රායල රජය පවසනවා.
     
    ගිවිසුම සම්බන්ධයෙන් හමාස් සංවිධානය දැනුම් දී ඇත්තේ, ඊශ්රායල සිර ගෙවල්වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු වෙනුවට ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 50 දෙනා නිදහස් කරන බවයි.
     
    මානුෂීය ආධාර වෛද්ය සැපයුම් සහ ඉන්ධන රැගත් ට්රක් රථ සියය ගණනකට ගාසා තීරයට ඇතුළු වීමට ගිවිසුම මගින් ඉඩ ලබා දෙන බව ද හමාස් සංවිධානය කියා සිටිනවා.
     
    අද අලුයම දක්වා පැවති දීර්ඝ සාකච්ඡාවට කිහිපයකින් පසු දෙපාර්ශ්වය අතර ඊට අදාළ ක්රියාමාර්ගයන්ට ඊශ්රායල කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.
    අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්රකාශ කරන්නේ, ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹුන ද ගාසා තීරය සමග යුදමය වාතාවරණය නවතිනු ඇතැයි ඉන් කිසිසේත් අදහස් නොවන බවයි.
     
    සටන් විරාමය අතරතුර ගාසා තීරයේ කිසිවෙකුට පහර දීම හෝ අත්අඩංගුවට හෝ නොගන්නා බව, ඊශ්රායල ප්රකාශ කළ බව, වැඩිදුරටත් සඳහන්.
     
    ගාසා තීරයේ යුද ගැටුම්වලින් ළමයින් 500 දෙනෙකු ඇතුළු පලස්තීන වැසියන් දාහතරදහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් පාලනයේ සෞඛ්ය අමාත්යාංශය පවසනවා.

    Latest News