උඩරට මැණිකේ බදුලු නොයා හපුතලෙන් නතර වෙයි

නොවැ 22, 2023
    ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමට පියවර ගෙන ඇති බවය.

    බදුල්ලේ සිට කොළඹ බලා ධාවන වූ උඩරට මැණකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උඩරට දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතවනු ඇති බවය.
    මහනුවර - නුවරඑළිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.
    පොල්ගහඅන්ග ප්‍රදේශයේදී මෙම ගස කඩා වැටී ඇති බව පොලීසිය පවසන්නේ.
    මේ හේතුවෙන් ගෙලිඔය සහ වැලිගල්ල අතර ප්‍රදේශයෙන් මහනුවර - නුවරඑළිය මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසනවා.
    මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය එල්ල වී තිබෙනවා.
    අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පස් සහ ගල් පෙරලීම හේතුවෙන් මාර්ගය සම්පුරණයෙන්ම අවහිර වී ඇති බවය.

    Latest News