සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට වැඩ වරදියි

නොවැ 23, 2023
    නාවලපිටිය අධ්යාපන කලාපයට අයත් රඹුක්කන මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

    අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් අධ්යාපන අමාත්යවරයා මේ බව පැවසීය.

    පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් සහ පත්තර කඩදාසි බලහත්කාරයෙන් කැවීම සම්බන්ධයෙන් පුවතක් නාවලපිටිය රඹුක්පිටිය මධ්ය මහා විද්යාලයෙන් ඊයේ වාර්තා වී තිබුණි.
     
    මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දීම අධ්යාපන අමාත්යවරයා විසින් මධ්යම පළාත් අධ්යාපන අධ්යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන තිබෙනවා.
    එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්රේණියේ සිසුන් පිරිසක් දිවා ආහාරය ලන්ච් ෂීට්වල ඔතාගෙන රැගෙන විත් ඇති බවය.
     
    පාසල පොලිතීන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බැවින් අදාළ සිසුන්ට එම ලන්ච් ෂීට් හා පත්තර කඩදාසි කන ලෙස විදුහල්පතිවරයා බලකර තිබෙනවා.
    කෙසේ වෙතත් අදාළ සිදුවීමට මුහුණදුන් පාසල් සිසුන් දෙදෙනෙක් ඊයේ උදෑසන වනවිටත් නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවට අනාවරණය වූ බව ද අධ්යාපන අමාත්යවරයා පැවසීය.
     
    සිදුවීමට මුහුණදුන් අනෙක් සිසුන් පස්දෙනා අද (23) දින පාසල් පැමිණ ඇති බව ද පැවසු අධ්යාපන අමාත්යවරයා මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී නාවලපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇතැයි කියා සිටියේය.
     
    ඒ අනුව පස්බාගේ කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇති බවද පැවසු අමාත්යවරයා එම පරීක්ෂණ කටයුතුවල පහසුව වෙනුවෙන් මෙලෙස අදාළ විදුහල්පතිව ස්ථාන මාරු කර තිබෙන බව පැවසීය.

    Latest News