දරාගන්න කියා දෙන්න මේ දුක

ඔක් 26, 2023

    යුද ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ සීමිත ‍ගොඩබිම් මෙහෙයුමක් සිදු කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

    ඉකුත් පැය 24 තුළ හමාස් ඉලක්ක 250 කට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි, හමුදා නිවේදනයේ දැක්වෙන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිය ගිය පලස්තීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 6,500 කට අධිකයි.

    සිය ප්‍රහාරක ජෙට් යානා මගින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයට අයත් අනදෙන මධ්‍යස්ථාන, යටිතල පහසුකම් සහ උමං මාර්ග මෙන්ම, රොකට් දියත් කිරීමේ පද්ධතිවලට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා. ඉන්ධන අවසන් වීම හේතුවෙන් ගාසා තීරයේ හදිසි සේවා හැර  සියලු කටයුතු ඇනහිට ඇති බවයි, වාර්තා වන්නේ. ගාසා තීරයේ රෝහල්වල වාතාශ්‍ර ලබා ගැනීමේ උපකරණ, නොමේරු ළදරු ඒකක සහ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ යන්ත්‍ර වැනි ජීවිතාරක්ෂක උපකරණ බලගැන්වීම සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව ඉතිරි කර ගත යුතු බව, සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා. ඊශ්‍රායලය, ගාසා තීරයට ඉන්ධන සැපයීම නතර  කර  ඇත්තේ, ඒවා  හමාස් සංවිධානය අතට පත් වන බවට චෝදනා කරමින්.                         

    ගාසා තීරයේ සාමාන්‍ය ජනතාව අතරින් නිරන්තරයෙන් අහන්නට ලැබෙන්නේ, සංවේදී ප්‍රවෘත්ති. අල්ජසීරා රූපවාහිනියේ ප්‍රධාන මාධ්‍යවේදී වේල් ඩහ්ඩෝ ජීවිතයේ මුහුණ දිය හැකි දරුණුතම ඉරණමකට මුහුණ දුන්නා. ගාසා සටන වාර්තාකරණයෙහි ඔහු යෙදී සිටින අතරතුර ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශය ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඉන්, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියාගේ බිරිඳ, පුතා සහ දුව එම ස්ථානයේදීම මිය ගියා. තනි වූ පියා, සිය දරුවන්ගේ සිරුරු වැළදගෙන අඩන ආකාරය දැක්වෙන රූප රාමු ලොව පුරා මාධ්‍යවේදීන්ගේ මෙන්ම, ජනතාවගේ ද සිත් තුළ ඇති කළේ දැඩි කම්පනයක්.

    ඔහු කියා සිටියේ මෙය කාන්තාවන් හා ළමුන් ඉලක්ක කර ගත් යුද්ධයක් බවයි.

    Latest News