අභාවයට යමින් තිබෙන ගලෙන්බිඳුනුවැව වේරගල පුරාණ විහාරස්ථානය

සැප් 20, 2021

    අක්කර තුනක පමන විශාල ගල් පර්වතයක් මත වේරගල පුරාණ බෝසෙවන විහාරය ඉදිකර ඇති අතර ඒ වටා අක්කර 50 පමණ කැළෑ බද ප්‍රදේශයක් ද පවති.

    පුරාණ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ විසුව ද එම ස්ථානයේ මුලික අවශ්‍යතා නොමැතිකම හේතුව මත මෙහි වැඩ විසීම සඳහා භික්ෂූන් වහන්සේලා වැඩි රුචිකත්වයක් නොදක්වන බවයි එහි විහාරාධිපති පූජ්‍ය ඇලපත්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ සදහන් කරන්නේ.

    මෙම පූජනීය ස්ථානයේ නටබුන් වූ ධර්ම ශාලාවක් ඇතුළු භික්ෂූන් වහන්සේලා වැඩ විසූ කුටි තුනක් දක්නට ලැබෙන අතර නව ආවාස ගෙයක් තැනීම මිට වසර කිපයකට පෙර අරම්භ කර තිබෙන නමුත් එහි වැඩ අතර මග නවතා දමා ඇත්තතේ එය අවසන් කිරීමට තරම් ආර්ථික සවියක් ඇති දායක පිරිසක් නොමැතිකම හේතුවෙන් බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසයි.

    අද වන විටත් මෙම ස්ථානයේ අගමික වතාවන් සිදු කරන අතර මනරම් බෝධින් වහන්සේ දක්නට ලැබෙන අතර විහාර ගෙයක්ද පවති.

    මෙහි වෙසෙන භික්ෂූන් වහන්සේලා 3 නමක් පමණ සිටියත් උන්වහන්සේලාට භාවිතාව සදහා ජල ගැටලුව දැඩිව පවතින අතර වැසිකිලි කැසිකිලිද නිසි පරිදි නොමැති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    පුරාණයේ සිට පියගැට පෙලවල් හා පොකුණු දක්නට ඇති අතර ගල් ලෙන්ද මෙම ස්තානයේ දක්නට ලැබේ.⁣

    මෙම විහරස්ථාන අභාවයට යා නොදී භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සඳහා වැඩ විසීමට අවශ්‍ය කරන පහසුකම් සපයාදීමට යම් කෙනෙකු ඉදිරිපත් වෙන්නේ නම් එය භික්ෂු සමාජය වෙනුවෙන් හා සමස්ත බෞද්ධයා වෙනුවෙන්ම කරන මහඟු සත්කාරයක් බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ.

    Latest News