කැරොලිනා 'මැණිකේ මගේ හිතේ' අමෙරිකාවේ වීදියට ​​ගෙන යයි

සැප් 22, 2021
  • ගායන ශිල්පිනී යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රාසංගික වයලීන වාදන ශිල්පිනි කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් අමෙරිකාවේ වීදියක දී වාදනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙයි.

    ඇය මෙම වීඩියෝ පටය සිය යූටියුබ් නාලිකාවට නිකුත් කර ඇත්තේ පසුගිය 20 වැනිදායි. මේ වන විට එම වාදනය ඇතුලත් වීඩියෝ පටය ලෝකය පුරා රසිකයන් අතර පැතිර යමින් පවතී.

    දොළොස් හැවිරිදි වියේ පසු වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ ප්‍රසාංගික වයලීන් ශිල්පිනියකි. ඇය 2008 ඔක්තෝබර් 3 වැනි දින යුක්රේනයේ සංගීත පවුලක උපත ලැබුවේය. ඇගේ දෙමාපියන් ගිටාරය සහ පියානෝව වාදන ශිල්පින් වෙයි.

    2015 වසරේ දී කැරොලිනාට වයස අවුරුදු 6 දී සිය පවුල එක්සත් ජනපදයට සංක්‍රමණය විමත් සමගින් ඇයගේ ජිවිතයේ නව මාවතේ මන්දොරටු විවර වුවාය. ඇය එම වසරේම වයලීනය වාදනයේ අධ්‍යනය ආරම්භ කළ අතර සම්භාව්‍ය ශිල්පිනයක් ලෙසින් පෙරට ඒමට අවශ්‍ය පුහුණුව ලබා ඇත. කැරොලිනා 2017 ගිම්හාන සමයේදී සිය යුටිබ් නාලිකාව සමගින් සමාජ මාධ්‍ය පිවිසු සනිටුහන් කරමින් ලෝකය පුර රසිකයන් පිනවිම ආරම්භ කළාය. ඇය සතුව යූටියුබ් චැනල් 3ක් තිබෙන අතර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ද පවති.

    වසර 2 කටත් අඩු කාලයකදී ඇගේ රසික පිරිස මිලියන 50ක් දක්වා වර්ධනය වී ඇති අතර එහි ව්‍යාප්තිය රටවල් 50 කටත් වැඩි ගණනකි. යූ ටියුබ් සහ අනෙකුත් මාධ්‍ය වෙබ් අඩවි වලින් ඇගේ වීඩියෝ මිලියන 500 කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබේ. මේ අතර ප්‍රසංගයක් සමගින් ලොව පුරා සංචාරය කිරීමටත්, ඇගේ සංගීතයෙන් රසිකයින් සතුටු කිරීමටත් ඇය සිහින දකියි.

    යොහානි සහ සතීෂාන්ගේ මැණිකේ මගේ හිතේ ගීතය දැනට ගෝලීය රසික ඉල්ලුමේ මුල් 10 අතර සිටී. මේ සතියේ යූටියුබ් ගෝලීය ප්‍රස්ථාරයේ 7 වැනි ස්ථානයට මෙම ගීතය පැමිණ ඇත. යොහානි සහ සතීෂාන් ගයන ‘මැණිකේ මගේ හිතේ’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ මිලියන 116 ක් නරඹා තිබේ.

    මෙම ගීතය ඉන්දියාවේ අවධානයට ලක් වූයේ අමිතාබ් බච්චන් එම ගීතයේ හින්දි අනුවාදයට නර්තනය කරන වීඩියෝ පටයක් බෙදා හැරිමෙන් පසුවයි. බච්චන් පවසා ඇත්තේ ඔහුගේ මිණිබිරිය වන නව්‍යා නාවේලි ඔහුගේ නිරූපිත චිත්‍රපටයක් වූ කාලියා හි නර්තන අනුපිළිවෙළ සංස්කරණය කළ බවත් වීඩියෝ පටයේ මුල් ගීතය වන ‘ජහාන් තෙරි යෙ නසාර් හේ’ වෙනුවට ‘මැණිකේ මගේ හිතේ’ ආදේශ කළ බවත් ය. 

    Last modified on බදාදා, 22 සැප්තැම්බර් 2021 15:52

    Latest News