සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අත්තනගල්ලට ළඟාවෙයි

අගෝ 18, 2021

    සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්යත රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද 18) දින වට්ටාරමශ්‍රී අරහන්ත මලියදේව රජමහවිහාරයෙන් ගමන් ආරම්භ කෙරිණ. 

    ඒ අනුව, මෙම රථ පෙරහැර දේවාලේගම, රංවල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, මීවිටිගම්මන සහ ඌරාපොලහරහා ගමන් කර අද සවස අත්තනගල්ල රජමහා විහාරය වෙත පැමිණේය.

    පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම රථ පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.

    රථ පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාළ පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වෙයි.

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 12:04

    Latest News