සඳහිරුසෑයට චූඩා මාණික්‍ය පළඳවයි

නොවැ 08, 2021

    ඉදි වෙමින් පවතින සදහිරු සෑ රදුන්ගේ කොත්වහන්සේ මත චූඩා මාණික්‍ය තැන්තපත් කීරීම අද (08)පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදුකළහ.



    ආරක්ෂක අංශවල නිලධාරින් සමඟ මෙම පූජනීය චූඩා මාණික්‍ය කොත්වහන්සේ මත තැන්පත් කරනු ලැබුයේ එය පරිග්‍යාග කළ ආතර් සේනානයක මහතා විසිනි.

    වසර 2010 වසරේ නොවැම්බර් 11 වනදා පළමු පස් පිඩැල්ල කැපීමේ සිට පුරා වසර 11 ක් මුළුල්ලේ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුයේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබලුන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් වීම විශේෂත්වයකි .

    ඒ සදහා දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් හැකි සෑම අවස්ථාවකදී ම ශ්‍රම දායකත්වය හා මුල්‍ය දායකත්වය ලබා දුන්නේය .

    එළඹෙන 18 වනදායින් පසුව සුවහසක් බෞද්ධ ජනතාවට මෙම සිද්ධස්ථානය වැදපුදා ගැනිමේ අවස්ථාව උදාවේ .

    වසර 1700 කට පසුව මෙරට ඉදිකළ සුවිශාල චෛත්‍ය ලෙසත් මෙය ඉතිහාසගත වෙයි.

    Latest News