වනයේ ජීවත් වූ ගජබා, දැන් දළදා පෙරහරේ.....(වීඩියෝ)

අගෝ 15, 2021
  • අලි-මිනිස් ගැටුම ආරම්භක කාලයේදී වනයේ ජීවත් වූ අලියෙන් වන්නේ, දැන් ගජබා නමින් හඳුන්වන අලියයි.

    සිය වාසස්ථානවලට ආක්‍රමණිකයන් පැමිණි පසු කෑම බීම සොයා ගමට ඒමට ගජබා අලියා උත්සුක වනවා. අනතුරුවයි, එම අලියා හීලෑ අලියෙකු බවට පත්වීමේ කතාව ආරම්භ වන්නේ. මේ එම අලියා පිළිබඳ සැකසුණු විශේෂාංගයක්.

    මහනුවර පෙරහර මංගල්‍යයට සහබාගි වන හීලෑ ඇත් පරපුර සුවිශේෂ ස්ථානයක් ගන්නවා. ඒ, අති පූජනීය දළදා පෙරහැරේ අලියෙකු, ඇතෙකු හෝ ඇතින්නියක ගමන් කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙන නිසා.

    ඒ අවස්ථාව සෑම හීලෑ අලියෙකුටම හිමිවන්නේ නැහැ. ගජබා අලියා මෙරට දැවැන්තම අලීන් කිහිප දෙනා අතර පෙරමුණේ සිටිනවා. එහෙත් මීට වසර ගණනාවකට පෙර ගජබා අලියා මිනිසුන් භීෂණයට පත් කළ අයෙක්. ගම්මානවලට පැමිණ හානි සිදුකිරීම නිරතුරුව එම අලියාගෙන් දක්නට ලැබුණා.

    80 දශකයේ දී මහවැලි ව්‍යාපාරය ආරම්භ කොට එම කලාපවල පිටස්තර ජනතාව පදිංචි කෙරුණා. ඔවුන්ට වන අලි හෝ වන සතුන් පිළිබඳ හෝ අත්දැකීම් තිබුණේ නැහැ. ඒ නිසාම ඇතැම් අවස්ථාවල අලි-මිනිස් ගැටුම් හටගත්තා.

    කෙසේ වුවද එකල වනයේ ජීවත් වී ඇතැම් අවස්ථාවලදී පමණක් ගම් වැදුණු ගජබා අලියා කැලයේ සිටියදී අල්ලා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමත්වුණා. පසුව, තරුණ ගජබා අලියාව, වන ජීවි දෙපාර්තමේන්තුව විසින් අල්ලා වෙන්දේසියකට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අලියා මිලදී ගන්නේ, යටියන රණසිංහ නමැති පාරම්පරික වෙද මහතායි.

    අනතුරුව, ගජබා අලියාව යක්කල මොරන්වත්ත ප්‍රදේශයේ රංජිත් විජේසිංහ මහතා මිලදී ගෙන තිබෙනවා. ගජබා අලියා දැන් රැකබලා ගන්නේ, ඔහු විසින්. දැවැන්ත ගජබා අලියා දළදා පෙරහරට එක්වන්නේ, 2005 වසරේදී. ඔහුගේ ගාම්භීරත්වය, තේජවන්තභාව හා විචිත්‍රවත් බව නිසාම ගජබා අලියා දිවයිනේ ප්‍රධානතම පෙරහර කිහිපයකටම යොදා ගැනෙනවා.

    Last modified on ඉරිදා, 15 අගෝස්තු 2021 19:50

    Latest News