සිගිරි නැරඹීම පැය භාගයක් කලින්..

පෙබ 13, 2019

    සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පවසයි.

    මීට පෙර සීගිරියට නැරඹීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල රාමුව තුළ දීයි.

    බොහෝ විදේශික සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කොට පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුල ඇතුළත්වීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ඉදිරියේ දී අත්හදා බැලීමෙන්  පසුව අලුයම 5.00ට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    බොහෝ විදේශීය සංචාරකයන් අළුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය.

    දැනට අති විශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරබීම සදහා පැමිණෙන බව ද පෙරවරු 9.00 - 11.00ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරබීමට අවස්තාව උදා කර දීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකඟත්වය පරිදි විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනුමැතිය ලබාදුන් බව හෙතෙම සදහන් කළේය.

    sigiri 03

    sigiri 05

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 13:14

    Latest News