ගුවන් විදුලි රාජ්‍ය සම්මාන 2019

පෙබ 13, 2019

    ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළලේ ප්‍රශස්ත වාර්තා වැඩසටහන ලෙස 2019 වසරේ රාජ්‍ය සම්මානය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස සහ අනුරාධ රෝහණ කපුකොටුව නිෂ්පාදනය කළ රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ "තිත්ත වුනත් ඇත්ත " වැඩසටහනට හිමිවි තිබේ.

    ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල සස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ගුවන්විදුලි රාජ්‍ය උපදේශක සභාව ශ්‍රී ලංකා කළා මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල නෙලුම්පොකුණ රගහලේදී අමාත්‍ය සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

    "තිත්ත වුනත් ඇත්ත" සෑම අගහරුවාදාවකම උදේ 7 සිට 8 දක්වා සජීවීව ප්‍රචාරය කරන අතර හඩක් නොමැති ජනතාවගේ හඩට ඉඩ ලබාදෙන සමාජ ප්‍රශ්න ගැන කතා කරන වැඩසටහනකි.

    Latest News