ශ්‍රී ලංකාවෙන්, ‍වසරේ මේ දක්වා ලාඳුරු රෝගීන් 1,016 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ලාඳුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ, ඉන් සියයට 14 ක් පාසල් සිසුන් බවයි. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ, කොළඹ සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින්.

ඔවුන් මේ බව සඳහන් කළේ, මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ලාඳුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්. එය සංවිධාන කර තිබුණේ, මොරටුව ශාන්ත පේදුරුතුමන්ගේ දේවස්ථානයේදී. මෙහිදී පාසල් දරුවන් මගින් ජනතාව දැනුවත් කිරීමේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා.

ලාදුරු, නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි රෝගයක් බව, විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි.

Latest News