අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රොයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

පාස්කු ප්‍රහාර සිද්ධියේ වන්දි ගෙවීම පැහැර හළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට දාළව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ස්වාධීන පක්ෂ 11 නියෝජනය කරන කණ්ඩායම ඊයේ රැස්වී නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා කරනු ලැබීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කෙරිණ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ නිල නිවස වශයෙන් භාවිතා කළ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් අනතුරුව ද ඔහු වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

සමෘද්ධිමත්,සුරක්ෂිත රටක් ඇති කිරීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබාදිය යුතු බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Latest News