රටේ පවතින නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප‍්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

කිරිපිටි ආනයනයට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි 10,000කට වැඩි අතිවිශාල මුදල රටට ඉතිරි කර ගැනීම වෙනුවෙන් සහ දැයේ දරුවන් සුපෝෂිත පරපුරක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් දේශීය කිරි ගොවියා ශක්තිමත් කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

රට හමුවේ මතුව ඇති ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැඩි පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Latest News