හිටපු ජනාධිපති ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නොවැ 02, 2023

    පාස්කු ප්‍රහාර සිද්ධියේ වන්දි ගෙවීම පැහැර හළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට දාළව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නොමැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තමන් සතු වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් ලබන දෙසැම්බර් මස 30 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    ඒ අනුව 2019 වසරේ ප්‍රේල් මස 19 වන දා සිට 2023 වසරේ නොවැම්බර් මස 02 වනදා දක්වා කාලසීමාව තුළ අදාළ වගඋත්තරකරුවන් සතු වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් විය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන් වුණා.

    එසේම අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් මේ දක්වා ගෙන තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් මස 30 වනදාට පෙර ගොනු කරන ලෙසත් ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.

    එසේම වගඋත්තරකරුවන් විසින් මෙතෙක් වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ද දෙසැම්බර් මස 30 වනදාට පෙර ගොනුකරන ලෙසයි ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නීතිපතිවරයාට නියම කළේ.

    එසේම ඉතිරි වන්දි මුදල් ගෙවීම සඳහා ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ලබන වසරේ ජුනි මස 30 වනදා දක්වා කල් ලබා දුන්නා.
    කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට අදාළව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු පැන නොනගින බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කලා.

    අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට නියම කෙරුණු රුපියල් මිලියන 10 වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙන හෙයින් ඔහු මෙම නඩු විභාගයෙන් මුදා හැරීමටත් අධිකරනය තීරණය කළා.

     


    පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් කලා.
    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළා.

    පෙත්සම් අද යළි කැඳවූ ලැබූ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කල ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව ඉකුත් ජූනි මාසයෙන් පසු කිසිදු වන්දි ගෙවීමක් සිදු වී නොමැති බව සඳහන් කළා.

    Latest News