මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

අප්‍රේ 18, 2024
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් දා එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

    Latest News