කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.
යුරෝපා කොමිසමේ සභාපති තනතුරට ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේන් තේරී පත්වී තිබේ. එහි මන්ත්‍රීවරුන් අතර පැවති රහස් ඡන්දයකින් අනතුරුවයි, ඇය මෙසේ තේරී පත්වී තිබෙන්නේ.
පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත දැන් උදා වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5 වැනි සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) එක්වීමේ තෙදින නිල සංචාරය අරඹමින් ජනපති අද තජිකිස්ථානය බලා පිටව ගියේය.
චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු පවසති.
පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
ප්‍රංශයේ ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ජනතාවට සිය කණගාටුව ප්‍රකාශ කරයි.
මිහිතලය මත ජීවයේ පැවැත්ම පිණිස හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිස්සු මේ ග්‍රහවස්තු යුගලයට බැතියෙන් වන්දනාමාන කළහ. සොබාදහම දේවත්වයෙන් සැළකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුගේ ද පිළිවෙත විය.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් අද සහ හෙට (06-07) පැවැත්වෙන ජාතික කිරි ඉතිරවීමේ ජාතික මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.