ජනපති,අගමැති,විපක්ෂ නායක පොසොන් පණිවුඩ

ජූනි 16, 2019

    පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප‍්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත දැන් උදා වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

    පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ මුළු මහත් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගේ පොසොන් පොහෝ දා පරමාර්ථය විය යුත්තේ ද එය බවයි.

    බුදුදහම ලෝක ස්වභාවය පදනම් කොට ගත් ධර්මයක් වීමත්, ස්වාධීන ධර්ම මාර්ගයක් වීමත් නිසා එය මෙරට සමාජයේ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    ------

    පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සත්‍ය ධර්මය ජන සමාජයක නිධන් ගත වීමට, ආක‍්‍රමණ.. හිංසන හෝ ප‍්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන බවයි.

    බුදුදහම මෙරට තුළ ස්ථාපිත වූ ආකාරයෙන් එය මනාව පැහැදිළි වන බව ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළේ බුදුන් වහන්සේ පෙන්වා දුන් සදහම් මාර්ගය අවබෝධ කර ගැනීමට හැකි ජන සමාජයක් මෙරට සිටින බවට පැවැති පැහැදිළි අවබෝධයෙන් බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

    ----------

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පොසොන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. වර්තමාන සමාජයේ තත්ත්වන් තුළ බුදු දහමේ ඉගැන්වෙන කරුණාව, දයාව, ඉවසීම වැනි උතුම් ගුණාංග වෙනදාටත් වඩා මැනවින් පුරුදු පුහුණු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

    ඒ අනුව සංස්කෘතිය පෝෂණය වූ බුදුදහම පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඒ අනුව තම ජීවිතය ආලෝකමත් කර ගෙන සාමයන් සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

    Last modified on ඉරිදා, 16 ජූනි 2019 08:59

    Latest News