පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙයි.

හිටපු අමාත්‍ය, තිස්ස කරල්ලියද්ද මහතා කැබිතිගොල්ලෑව නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක්විය.

රජය, ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්තාව ගොවි ජනතාවට උදාවී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කරයි.

ලෝකයේ සියලුම රටවල් කොවිඩ්19 උවදුරින් දැඩි ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රටේ සාධණීය ජයග්‍රහණයක් ලබා ඇති බව ජනාධිපති තුමා සඳහන් කරයි.

දේශීයත්වය සහ සංස්කෘතික හර පද්ධතිය සුරකින හරවත් මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දීර්ඝ කාලයක සිට සිදුකළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇති සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 71 වැනි ඡන්ම දිනය අදට (20) යෙදී තිබේ. 1949 ජුනි මස 20 වැනිදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ගත්තේය .

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමේ දී චීනය හා ශ්‍රී ලංකාව සාර්ථක වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශවල කැපවීම නිසා බව චීන ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා පවසයි. ජුනි 20 වැනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුභ පතමින් චීන ජනාධිපතිවරයා යොමු කළ ලිපියක මේ බව සඳහන්.

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Latest News