ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය ව සැපයීමේ අවස්තාව ගොවීන්ට උදා වෙලා - ජනාධිපති

ජූලි 04, 2020

    රජය, ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්තාව ගොවි ජනතාවට උදාවී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    එබැවින්, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපි, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව, එතුමා ප්‍රකාශ කළේය. මහ මැතිවරණයට තරග වඳින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊයේ කළ චාරිකාව අතරතුරදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

    Latest News