ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුව ඇතැයි සඳහන් දූෂණ වංචා සම්බන්ධ විමර්ශනයකට අදාළව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කරයි.

පුද්ගල පැහැරගැනීමකට සම්බන්ධ පරීක්ෂණයකට අදාළව ලබන 26 සභ 28 යන දෙදින තුළ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නියෝග කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද(25) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ පරීක්ෂණයකට අවශ්‍ය හඬ පට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විද්‍යුත් මාධ්‍ය තුනකට අද (23) නියෝග කරයි.

කැලෑවකින් අල්ලා ගන්නා ලද අලි පැටවකු බලපත්‍රයක් නොමැතිව සිය භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 4 වැනිදා කැඳවන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

බුද්ධි තොරතුරු තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරී‌ෙමෙන් මිනී මැරී‌ෙමේ කුමන්ත්‍රණයට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගැණින.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරී ලෙස ලබා ගැනීමට තැත් කළේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කන්ජිපානි ඉම්රාන් ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරයි.

Latest News