සරත් විජේසූරියට එරෙහි පෙත්සම 1/14 යළි කැඳවයි

නොවැ 25, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පැමිණිල්ල ජනවාරි මස 14 වන දා යළි කැඳවන ලෙසයි. නීතිඥවරයෙකු වන විජිත සම්පත් කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර මහාචාර්යවරයා විසින් 2016 වසරේ ඔක්තෝම්බර් මස 15 වැනිදා අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝවක් මගින් ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටය සම්බන්ධයෙන් ලබා දී තිබූ අධිකරණ නියෝගයක් බරපතළ ලෙස විවේචනය කරමින් කරුණු දක්වා ඇති බවයි.

    ඒ තුළින් වගඋත්තරකාර මහාචාර්යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

     

     

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 11:46

    Latest News