දුර්ලභ යෝධ පැන්ඩාට නිවුන් දරුවන්

අගෝ 10, 2019

    වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති යෝධ පැන්ඩා විශේෂයක නිවුන් දරු උපතක් පිළිබඳව බෙල්ජියමෙන් වාර්තා වෙයි.

    පැටවුන්ගේ උපත සිදුවුණේ, බෙල්ජියමේ පෙයිරි ඩාසා සත්වෝද්‍යානයේදී. දස හැවිරිදි හාඕ - හාඕ නමින් හඳුන්වනු ලබන පැන්ඩා මව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා මෙම පැටවුන් දෙදෙනා බිහි කළාය. ඒ පිරිමි පැටවකු හා ගැහැණු පැටවෙකු වශයෙන්.

    පැටවුන්ගේ උපත පිළිබඳව සත්වෝද්‍යාන බලධාරීන් ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය. පැටවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි, ඔවුන් පැවසුවේ. සත්වෝද්‍යාන බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙම නිවුන් පැන්ඩා පැටවුන්ගේ උපත අතිශය දුර්ලභ අවස්ථාවක් බවයි.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 12:03

    Latest News