ලොව වයස්ගතම පැන්ඩා 38 සමරයි

අගෝ 17, 2020

    ලොව වයස්ගතම පැන්ඩා සත්වයා සිය 38වැනි ඡන්ම දිනය සමරා තිබේ. චීනයේ චොන්කිංහී සත්වෝද්‍යානයක මෙම ඡන්ම දින සැමරුම පැවැත්විණ.

    වර්ෂ 1982 සීචෝන් පළාතේ වනාන්තරයක උපත ලබා ඇති මෙම ගැහැණු පැන්ඩා සත්වයා ලොව වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන අතර මිනිස් වයසින් ඇයට අවුරුදු 110කට වඩා වැඩි බව ගණන් බලා තිබේ.

    සින්ක්සිං නමැති මෙම පැන්ඩා සත්වයාට ආදරය කරන බොහෝ දෙනෙකු ඡන්ම දින සැමරුම සඳහා සහභාගී විය. ඇතැම් අවස්ථාවල හට ගන්නා අධික රුධිර පීඩන තත්වයක් හැරුණු කොට ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි, සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ.

    Latest News