පෙළපොත් - නිල ඇඳුම් නොලැබුණු දරුවන්ට මෙන්න ආරංචිය

මාර් 19, 2024
    තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි, අධ්යාපන අමාත්යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    2024 වර්ෂය සඳහා පාසල් වෙත බෙදාහැරීමට පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාස අධ්යාපන කාර්යාල වෙත මේ වන විට ලබා දී අවසන්.

    මෙතෙක් නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ෆැක්ස් / ඊමේල් මගින් දැනුම් දෙන මෙන් අධ්යාපන අමාත්යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටිනවා.
     
    පෙළ පොත් සඳහා - දුරකථන අංක 011-27848158 / 0112785306
    ෆැක්ස් අංකය - 0112784815
    විද්යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
     
    නිල ඇඳුම් රෙදි සඳහා - දුරකථන අංක - 0112785573
    ෆැක්ස් - 0112785573
    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2024 09:42

    Latest News