පොඩි සිංහයන් පළමුවරට අරාබියට පැරදෙයි

දෙසැ 12, 2023
    වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ දී පළමුවරට ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්යය සමත් වුණා.

    තරඟය ඔවුන් ජය ගත්තේ කඩුලු දෙකකින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා යොවුන් ක්රීඩකයින් පන්දුවාර පනහ අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු දෙසිය විස්සක් රැස් කළා.

    දිනුර කළුපහන නොදැවී ලකුණු පනස් හයයි.
    නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 ක් රැස් කළා.පන්දු යැවීමේදී ඔමිද් රෙහ්මන් සහ අයාන් අෆ්සායි කඩුලු 2 බැගින් දවා ගත්තා.
     
    පිළිතුරු ඉනිම ක්රීඩා කළ එක්සත් අරාබියේ රාජ්ය තරගයේ ජයගත්තේ පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 224 ක් රැස් කරමින්.ටනීශ් සූරි ලකුණු 75 යි.
    පන්දු යැවීමේදී ගරුක සන්කෙත් කඩුලු 3 ක් දවා ගත්තා.

    Latest News