ඩෙංගු බස්නාහිරට රතු එළි දල්වයි

දෙසැ 12, 2023
    වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්ය අංශ පවසනවා. ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්.

    පවතින අධික වැස්ස සමග රටපුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්ය අංශ වැඩිදුරටත් පවසන්නේ.

    වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්යාව 47ක්. සමස්ත රෝගීන්ගෙන් 46.4%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්.
     
    අනුව රෝගීන් 16,948ක් කොළඹ දිස්ත්රික්කයෙන්, රෝගීන් 15,419 ක් ගම්පහ දිස්ත්රික්කයෙන් සහ රෝගීන් 4,849ක් කළුතර දිස්ත්රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
     
    තම නිවස හා ඒ අවට පරිසරය, කාර්යාලය, පොදු ස්ථාන මෙන්ම පාසල් අවට ද ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස සෞඛ්ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News