ජපානය පරදා සිංහයෝ ජය ගමනේ

දෙසැ 10, 2023

    වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    ඒ, ජපාන කණ්ඩායම පරාජය කරමින්.  

    තරගය පැවැත්වුණේ, අබුඩාබි හි අයි සී සී ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ජපාන කණ්ඩායම පන්දුවාර 30 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 75 ක් රැස් කළා. චාල්ස් හින්සේ ලකුණු 36 යි.

    පන්දු යැවීමේදී මල්ෂ තරුපති ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගත්තා. අනතුරුව, ලකුණු 76 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 12 යි පන්දු දෙකකදී කඩුලු 3 ක් දැවී එම ඉලක්කයට ළඟා වුණා. සිනෙත් ජයවර්ධන නොදැවී ලකුණු 26 යි. පන්දු යැවීමේදී ජපාන ක්‍රීඩක කීෆර් ලේක් ලකුණු 27 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා මල්ෂ තරුපති.

    මේ තරගාවලිය යටතේ ඊයේ තවත් තරගයක් පැවැත්වුණේ, බංග්ලාදේශ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතරයි. එහිදී, ලකුණු 61 ක ජයක් හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

    පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ක්‍රීඩකයින් පන්දුවාර 49 යි පන්දු 3 කදී සියලුදෙනා දැවී ලකුණු 228 ක් රැස් කළා. පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දු 4 කදී සියලු කීඩකයින් දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 167 ක් පමණයි.

    Latest News