චෝදනා බොරු අරමුණ ක්‍රීඩා ලෝලීන් කුපිත කිරීම

නොවැ 20, 2023
    ක්රිඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා තම ආයතනය සම්බන්ධයෙන් සිදු කර ඇති චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    ක්රීඩා අමාත්යවරයා ඊයේ මාධ්ය හමුවක් කැදවමින් ක්රිකට් ආයතනය වෙත එල්ල කළ චෝදනා පදනම් විරහිත බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ.

    එමෙන්ම ක්රීඩා ලෝලීන් කුපිත කරවීමේ අරමුණින් මෙය සැලසුම් සහගතව කළ දෙයක් බවත්, ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
    එම ප්රකාශ මගින් ශ්රී ලංකා ක්රිකට් වෙත අනවශ්ය බලපෑමක් කර ඇති බව ද නිවේදනයේ සඳහන්.
     
    කෙසේ වෙතත්, ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ශ්රී ලංකා ක්රිකට් වෙත පැනවූ තහනම සම්බන්ධයෙනුයි, පසුගියදා ක්රිඩා අමාත්යවරයා අමාත්යවරයා එම මාධ්ය හමුවේ දී අදහස් ප්රකාශ කර තිබුණේ.

    Latest News